රුපියල් 310 ජල බිල රුපියල් 705 දක්වා ඉහළට. මැති-ඇමති 45 ක් නොගෙවූ ජලබිල රුපියල් ලක්ෂ 130 ක්.

0
172

රුපියල් 310 ජල බිල රුපියල් 705 දක්වා ඉහළට.
මැති-ඇමති 45 ක් නොගෙවූ ජලබිල රුපියල් ලක්ෂ 130 ක්.

සැප්තැම්බර් පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජල ගාස්තු ඉහළ දමා තිබේ.

ජල සම්පාදන මණ්ඩලය මගින් ජල සම්බන්ධතා ලබා ගෙන තිබෙන මුළු සංඛ්‍යාව මිලියන 2. 8කි. ඉන් මිලියන 2.6 ක් ගෘහස්ථ පාරිභෝගිකයන් ය.

ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගෙන් 60% ක් ඒකක 15 ට අඩුවෙන් හෝ මසකට ජල ලීටර් 15000 ක් භාවිතා කරන අයයි.

ඒ අනුව වැඩි කර තිබෙන ජල ගාස්තු අනුව මෙතෙක් රුපියල් 310 ක බිලක් ලැබූ පාරිභෝගිකයන් සදහා ඉදිරියේ දී ජල ගාස්තු රුපියල් 705 දක්වා ඉහළ යනු ඇත.

සමෘද්ධිලාභීන් සහ කොළඹ මහල් නිවාස හිමියන්ගේ ජල ගාස්තු ඉහළ නොදමන බව පැවසේ.

මේ අතර හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ ඇමතිවරු 45 දෙනෙක-ු විසින් නොගෙවා ඇති ජල බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 13 කි.

මේ පිළිබදව මණ්ඩලය කතානායකවරයාද දැනුවත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × four =