‘රුපියලේ අගය නැවත පහත වැටෙනු ඇත. වසර අවසානය වන විට ඩොලරයක් රුපියල් 390 ක් වනු ඇත.’ ෆිච් රේටිංග්ස් අනුමාන කරයි.

0
1205

‘රුපියලේ අගය නැවත පහත වැටෙනු ඇත.
වසර අවසානය වන විට
ඩොලරයක් රුපියල් 390 ක් වනු ඇත.’
ෆිච් රේටිංග්ස් අනුමාන කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වීම පිළිබද බලාපොරොත්තු මධ්‍යයේ වසරේ මුල් කාර්තුව තුළ ඉහළ ශක්තිමත් භාවයක් අත්කරගෙන තිබෙන ශ්‍රී ලංකා රුපියල, වසර අවසානය වන විට නැවත බිද වැටෙනු ඇති බවට ෆිච් රේටිංග්ස් ආයතනය පුරෝකතනය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම නුදුරේදීම අනුමත විය හැකි වුවද, ආර්ථික අර්බුදය සහ පලාත් පාලන මැතිවරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගනු ලබන එකගතා මත රැදී සිටීමට බාධාකාරී තත්ත්වයක් රටතුළ නිර්මාණය කරනු ඇති බව ෆිච් රේටිංග්ස් ආයතනය පවසයි.

වසර අවසන් වන විට ඩොලරයක වටිනාකම රුපියල් 390 ක් දක්වා ඉහළ යනු ඇතැයි ෆිච් රේටිංග්ස් ආයතනය අනුමාන කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =