“රුපියල අවප්‍රමාණය වීම
තාවකාලිකයි..!”
මුදල් රාජ්‍ය අමාත්‍ය.
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම තාවකාලික තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පවසයි.
ඩොලරයේ සහ රුපියලේ අගය වෙළද පොල ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන්නට ඉඩ හැර තිබීම ඊට හේතුව බව අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන බැදුම්කරවල ආයෝජනය කළ තැන්පත් කරුවන් සදහා ආපසු ගෙවීමට ප්‍රමාණවත් වන තරමේ ඩොලර් ප්‍රමාණයක් එකතු කර ගැනීමට බැංකු කටයුතු කරමින් සිටින බව පවසන අමාත්‍යවරයා, ඒ හේතුව මත බැංකු විසින් වෙළදපොලට නිකුත් කරනු ලබන ඩොලර් ප්‍රමාණය කර ඇති බව පවසයි.
මෙසේ වෙළද පොලට නිකුත් කරන ඩොලර් සැපයුම අඩු වීම ඩොලයේ මිල ඉහළ යාමට හේතුව බව පවසන අමාත්‍යවරයා මේ තත්ත්වය තාවකාලික බව ද පවසයි.