රුසියානු හමුදාවන්ගේ වද බන්ධනයට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් 07 දෙනා.

0
496

රුසියානු හමුදාවන්ගේ
වද බන්ධනයට ගොදුරු වූ
ශ්‍රී ලාංකිකයන් 07 දෙනා.

ආක්‍රමණික රුසියානු හමුදා විසින් අත්පත්කරගෙන සිටි ඛර්කිව් නගරය යුක්රේන හමුදා විසින් යළි අත්පත් කර ගැනීමෙන් පසු එහි සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙකු මුදා ගැනීමට ද යුක්රේන හමුදා විසින් කටයුතු කර තිබේ.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පසුගිය 16 වන දා මෙම මුදා ගැනීමේ මෙහෙයුම පිළිබදව ජාත්‍යන්තර දැනුවත් කළේ ය.

රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමාණය කිරීමෙන් පසුව අදාල ශ්‍රී ලාංකිකයන් හත් දෙනා මැයි මාසයේ දිනක ඛර්කිව් වෙත ළගා වීම සදහා පාගමන් අරඹා තිබුණු අතර අතරමගදී ඔවුන් රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයට හසුව තිබේ.

රුසියානු හමුදා මෙම ශ්‍රී ලාංකිකයන් හත් දෙනාගේ දෑත් ගැටගසා ඔවුන්ගේ හිස් මතට ගෝනි දමා පිරිස තාවකාලික බන්ධනාගාරයකට ගෙන ගොස් තිබෙන බව පැවසේ.

රුසියානු හමුදා භාරයේ සිටි අදාල ශ්‍රී ලාංකිකයන් පිරිසිදු කරන්නන් ලෙස තබා ගෙන සිට ඇති අතර ඔවුන්ට අමානුෂික අන්දමින් සලකා ඇති බව ද වාර්තා වේ.

පිරිස අතර සිටි කාන්තාව මාස දෙකක් තිස්සේ හිරගත කර සිටි බවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුගේ නියපොතු ගලවා ඇති බවත් පැවසේ.

රුසියානුවන් ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය නොකරන බැවින් ඔවුට අවශ්‍ය කුමක්දැයි දැන ගැනීමට අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයන්ට තේරුම් ගැනීමට නොහැකි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + two =