රුසියානු හමුදාවන්ට එරෙහිව
යුක්රේන හමුදා බලගන්වන්නේ කෙසේ ද..?
පෙන්ටගනයේ අතිශය රහසිගත සැලසුමක්
සමාජ මාධ්‍යයට ලීක් වෙයි.
රුසියානු හමුදාවට එරෙහිව සටන් වැදීම සදහා යුක්රේන හමුදා බලගැන්වීමට අදාලව එක්සත් ජනපදය සහ නේටෝ සංවිධානය එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත රහසිගත සැලසුමක් කිසියම් පාර්ශ්වයක් විසින් සමාජ්‍ය මාධ්‍යයට මුදා හැර තිබේ.
අදාල වාර්තා සමාජ මාධ්‍යවෙත මුදා හැරියේ කවුරුන්ද යන්න පිළිබදව මේ වන විටත් පෙන්ටගනය විසින් විමර්ෂණ අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙන මෙකී වාර්තා මකා දැමීමට බයිඩ්න් පරිපාලන උත්සාහ දරමින් සිටිය ද මේ දක්වා එම උත්සාහය සාර්ථක වී නැත.
රුසියානු හමුදාවන්ට එරෙහිව යුක්රේන හමුදා විසින් එල්ල කිරීමට නියමිත යම් තීරණාත්මක ප්‍රහාර මාලාවක් පිළිබදව අදාල වාර්තාවන්ගෙන් ඉගි සපයන බව වාර්තා වෙතත්, එම ප්‍රහාර කවදා කොයි ආකාරයට එල්ල කරන්නට සැලසුම් කර තිබේද යන තොරතුරු එකී වාර්තාවන් තුළ අඩංගු නොවන බව පැවසේ.
කෙසේ වෙතත්, යුක්රේන හමුදා ඛණ්ඩ පුහුණු කිරීමට අදාලව එක්සත් ජනපද සහ නේටෝ සැලසුම් පිළිබද පැහැදිලි විස්තර සමාජ මාධ්‍යයට මුදාහැර තිබෙන වාර්තා තුළ පැහැදිලිවම අඩංගු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට අමතරව, එක්සත් ජනපදය විසින් යුක්රේන හමුදා බලගැන්වීම සදහා ලබා දීමට නියමිත ආයුධ පිළිබද තොරතුරු ද සමාජ මාධ්‍යයට මුදා හැර තිබේ.