“රු. 150,000 ක දීමනාවක් හෝ
ඉන්ධන ලීටර් 200 ක් හෝ
සෞඛ්‍ය රක්ෂණාවරණයක් හෝ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබා ගත් බව
ඔප්පුකළහොත්
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිදූරයෙන් ඉල්ලා අස්වෙනවා..!”
දේශබන්දු කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා ආරක්ෂක උපදේශන සේවා සැපයීම වෙනුවෙන්, මාසිකව රුපියල් එක්ලක්ෂ පනස් දහසක දීමනාවක් සහ ඉන්ධන ලීටර් දෙසීයක් ඇතුළු ප්‍රතිලාභ රැසක්, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ලබාගෙන ඇති බවට සමාජ මාධ්‍යය වාර්තා කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජ්‍යේෂ්ඨ නියෝජ්‍යපොලිස්පතිවරයා, ඒ වාර්තා සත්‍යයෙන් තොර බව ප්‍රකාශ කරමින් ප්‍රතික්ෂේප කර තිබේ.
සමාජ මාධ්‍යයේ පළ වූ වාර්තාවන්ට අනුව, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අදාල ප්‍රතිලාභ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දී ඇත්තේ, 2021 වසරේ සිට බලපැවැත්වෙන පරිදි අවුරුදු දෙකක කාලයක් සදහා ය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කරන්නැයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බව පවසන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන් කිසිදු හෝ ප්‍රතිලාභයක් ලබාගෙන ඇති බව යමෙකු ඔප්පු කළහොත්, තමන් දැනට දරන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දූරයෙන් ඉල්ලා අස්වන බව දේශබන්දු තෙන්නෝක් මහතා ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.