‘රෝහල්වල බෙහෙත් තිබෙන්නේ දින කිහිපයකට පමණයි.’ වෛද්‍ය හරිත අලුත්ගේ කියයි.

0
70

‘රෝහල්වල බෙහෙත් තිබෙන්නේ දින කිහිපයකට පමණයි.’
වෛද්‍ය හරිත අලුත්ගේ කියයි.


මාසයක කාලයක් සදහා ප්‍රමාණවත් වන පරිදි රෝහල් විසින් ඖෂධ තොග පවත්වාගෙන යා යුතු වුවත් මේ වනවිට රෝහල්තුළ ඖෂධ පවතින්නේ දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් පරිදි පමණක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දිවයින පුවත්පත සමග පවසා තිබේ.

ඒ සම්බන්ධයෙන් දිවයින පුවත්පත පළකර තිබෙන වාර්තාව පහත උපුටා දක්වමු.

දිවයින වාර්තාව සකසා ඇත්තේ මාධ්‍යවේදී සුජීව තත්ත්සර විසිනි.

ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු සියලු ඖෂධ මසකට ප්‍රමාණවත් පරිදි තිබිය යුතු වූවත් මේ වන විට එම රෝහල්වල ඖෂධ පවතිනුයේ දින කීපයකට පමණක් බව, රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ හරිත අලුත්ගේ මහතා ‘දිවයින’ ට ඊයේ (07දා) සඳහන් කළේය.

රෝහල්වල පවතින තත්ත්වය යටතේ ඒවාට ‘පැලැස්තර විසඳුම්’ යෙදීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යා නොහැකි බැවින් සිය සංගමය රජයට ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව කඩිනම් අවධානය යොමු කළ යුතු බවද වෛiවරයා කියා සිටියේය. “මේ වනවිට ප්‍රධාන රෝහල් තුළ, නිර්වින්දන, ප්‍රතිජීවක, බෝවන බෝනොවන රෝග සඳහා ලබාදෙන ඖෂධ, පිළිකා, ලිංගාශ්‍රිත රෝග සඳහා ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 160ක පමණ හිඟයක් පවතිනවා.

මේ ඖෂධ සියල්ල මධ්‍යම ඖෂධ ගබඩාවේ නැහැ. අපට අද ඖෂධ වෙනුවෙන් දීර්ඝකාලීන සැලසුම් නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළින් සංකීර්ණ ප්‍රශ්න පවතින රෝහල් නියාමනයන් කළ යුතු වුවත්, ඒවා ක්‍රියාත්මක නැහැ. මෙවන් තත්ත්වයක් යටතේ විදේශයන්ගෙන් ඖෂධ ආධාර ලැබුණත්, අපේ සෞඛ්‍ය පද්ධතියට දිගු කාලීන විසඳුම් සෙවිය නොහැකියි යැයිද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =