රෝහල්වල බෙහෙත් නෑ – සැත්කම් අඩාලයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයම බිද වැටීමට ඔන්න මෙන්න තිබිය දී
සෞඛ්‍ය ලොක්කෝ සතියකට ජපානේ යාමට ඉල්ලති…!
සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතිහාසයේ කවරදාවත් නැති තරමේ දැඩි අර්බුදයකට මුහුණ දී තිබිය දී, සෞඛ්‍ය බළධාරීන් විශාල සංඛ්‍යාවක්, අධ්‍යාපන චාරිකාවක් සදහා ජපානයේ යාමට අවසර ඉල්ලා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
සෞඛ්‍ය බළධාරීන් විශාල පිරිසක් ජපානයේ යාමට ඉල්ලුම් කර තිබෙන්නේ ලෝක බැංකුවෙන් සංවිධානය කර තිබෙන අධ්‍යාපන වැඩමුළුවකට සහභාගී වීම සදහා ය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙතරම් දරුණු අර්බුදයට මුහුන දී තිබෙන තත්ත්වයක් තුළ සෞඛ්‍ය බලධාරීන් රැසක් සතියක පමණ කාලයකට රටින් පිටව සිටීමට අවසර ඉල්ලා ජනාධිපති කාර්යාලයෙන් කරන ලද ඉල්ලීම පුදුමසහගත ය.
අදාල වැඩමුළුව මාර්ත 13 සිට 20 වන දා දක්වා පැවැත් වේ.
මෙවැනි වැඩමුළුවකට සහභාගී වීමේ දී ඒ සදහා යන පිරිස් වෙත එක් අයෙකුට දෛනිකව ඩොලර් හැත්තෑපහ බැගින් රජයෙන් ඉල්ලා සිටිය හැකි ය.