රෝහිතගෙන් එක් ලක්ෂ පන්දහසක් උස්සලා.
පොලිසිය වහ වහා පරීක්ෂණ අරඹයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂට හිමි සම්පත් බැංකු ක්‍රෙඩිට් කාර්ඩ් පතින් ඇමරිකානු ඩොලර් හාරසියයකට ආසන්න මුදලක් එනම් රුපියල් එක්ලක්ෂ පන් දහසකට ආසන්න මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් පිළිබදව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.
රෝහිත රාජපක්ෂ, පසුගිය තුන්වන දා බැද්දගානේ පිහිටි නිවසේ සිට මාතර නිවස බලා යමින් සිටිය දී ඔහුගේ ක්‍රෙඩිට් කාර්ඩ්පත නැති වී අතර නීතිවිරෝධී ආකාරයට අදාල ක්‍රෙඩිට් කාර්ඩ්පතින් මුදල් හුවමාරුවක් සිදුකර ඇත්තේ එම අවස්ථාවේ දී ය.
සිද්ධිය පිළිබදව නාරාහේන්පිට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන අතර, පොලිස් විමර්ෂණ සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස අධිකරණය සම්පත් බැංකුවට නියෝග කර තිබේ.