ලංකාවට ණය දීම;
චීනය පසුකර ඉන්දියාව
පෙරට එයි..!
2017-2021 අතර කාලය සදහා ශ්‍රී ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇති රට වන්නේ චීනයයි.
එම කාලය තුළ චීනය විසින් ලංකාවට ලබා දී ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 947 කි.
2022 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 968 කි.
මෙම කාලයට අදාලව ලංකාවට ණය ලබා දී ඇති විශාලතම ද්වීපාර්ශ්වික ණය දෙන්නා වී ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 377 ක් ලංකාවට ලබා දී තිබේ.
එම කාලයට අදාලව ආසියානු සංවර්ධන බැංකුව ලබා දී ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 360 කි.
ඉන්දියාව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් 2022 මුල් මාස හතරට අදාලව ලබා දී ඇති ණය ප්‍රතිශතයක් ලෙස ගත හොත් ලැබී ඇති සමස්ත ණය වලින් 76% කි.