ලංකාවට ණය දුන් බව දැනගැනීමෙන් පසුව
තවත් රටවල් අපෙන් ණය ඉල්ලනවා.
බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය කියයි.
ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලිනය 200 ක ස්වැප් ණය පහසුකමක් ලබා දීමෙන් පසුව තවත් රටවල් කිහිපයක්ම බංග්ලාදේශයෙන් ණය ඉල්ලා තිබෙන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය පවසයි.
ඒ නමුත් ණය ඉල්ලා සිටි කිසිදු රටකට ණය ලබා දීමේ හැකියාවක් බංග්ලාදේශයට නැති බවද අග්‍රාමාත්‍යවරිය පවසා තිබේ.
ලංකාවට ලබා දුන් එම ස්වැප් ණය පහසුකම බංග්ලාදේශය විසින් විදෙස් රටකට ලබා දුන් ඒ ආකාරයේ පළමු ණය බව පැවසේ.
බංග්ලාදේශය අදාල ණය මුදල ලබා දෙනු ලැබූවේ පසුගිය වසරේ මැයි මාසයේ දී ය.
මාස තුනක කාලයකින් නැවත ගෙවන බව පවසා ශ්‍රී ලංකා රජය එම ණය මුදල ලබා ගත්තද මේ දක්වා අදාල ණය ගෙවීම් සිදු කර නැත.
කෙසේ වෙතත් අදාල ණය මුදල 2023 මාර්තු මාසයට පෙර ගෙවන ලෙස බංග්ලාදේශ රජය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව මීට පෙර වාර්තා විය.
ඒ බව බංග්ලාදේශ මහබැංකු අධිපතිවරයා මෙරට මහබැංකු අධිපතිවරයාට දැනුම් දී ඇති අතර ගෙවිය යුතු ඩොලර් මිලියන දෙසීයක ණය මුදල අදාල කාල පරිච්ඡේදය තුළ ගෙවන බවට ශ්‍රි ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා බංග්ලාදේශ මහබැංකු අධිපතිවරයාට පොරොන්දු වී ඇති බව පැවසේ.