‘ලංකාවට ණය දෙනවාද නැද්ද…?’ තීන්දුව ගන්න අද රෑ රැස් වෙයි. මාධ්‍ය හමුව ලංකාවේ වේලාවෙන් හෙට උදෑසන 8.30ට.

0
108

‘ලංකාවට ණය දෙනවාද නැද්ද…?’
තීන්දුව ගන්න අද රෑ රැස් වෙයි.
මාධ්‍ය හමුව ලංකාවේ වේලාවෙන්
හෙට උදෑසන 8.30ට.

ලංකාවට ලබා දීමට නියමිත ණය මුදල පිළිබදව තීන්දුව ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව අද රාත්‍රී 10.30ට රැස්වීමට නියමිත බව වාර්තා වේ.

විධායක සභාව රැස්වී ගනු ලබන තීන්දුව පිළිබදව නිළ වශයෙන් දැනුම් දීමේ මාධ්‍ය හමුව ලංකාවේ වේලාවෙන් හෙට උදෑසන 8.30 ට පැවැත්වීමට නියමිත ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් අනුමත වීමට නියමිතය.

එම ණය මුදලෙන් පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 320 ක ප්‍රමාණයක් ඉදිරි දෙසතිය තුළ ලැබෙනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − five =