“ලංකාවට තවත් මූල්‍ය පහසුකම්
ලබා දීමේ අදහසක් නෑ.”
ලෝක බැංකුව කියයි.
රටට ගැලපෙන සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කර ගන්නා තෙක් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ලංකාවට තවත් මූල්‍ය පහසුකම් ලබා දීමේ අදහසක් තමන්ට නැති බව ලෝක බැංකුව පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව ඊයේ දිනයේ දී මේ බව පවසා තිබුණි.
ලංකාව මුහුණ දී තිබෙන දරුණු ආර්ථික අර්බුදය සහ ඉන් පීඩාවට පත්ව සිටින පුරවැසියන් පිළිබදව තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ලෝක බැංකුව පවසයි.
කෙසේ වෙතත්, ලංකාව තුළ වෙනත් ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කිරීම සදහා ලෝක බැංකුව විසින් වෙන් කර තිබෙන මුදල්, එම ව්‍යාපෘතිවලින් ගලවා, රටේ ජනතාවට අවශ්‍ය ඖෂධ, ගෑස් සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කරන බව ලෝක බැංකුව පවසා තිබේ.