“ලංකාවේ අර්බුදයට ප‍්‍රධාන හේතුව
පුහුආටෝපකාරී ව්‍යාපෘති සදහා ලබා ගත්
විනිවිද භාවයක් නැති චීන ණය..!
ඒ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් බව චීනය
තවමත් කියා නෑ.”
සමන්තා පවර්.
ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට හේතුව, කිසිදු විනිවිද භාවයකින් තොරව ලබා දී තිබෙන චීන ණය බව සමන්තා පවර් මහත්මිය පවසයි.
විනිවිද භාවයකින් තොරව චීනය ණය ලබා දී ඇත්තේ පුහු ආටෝපකාරී ව්‍යාපෘති සදහා යැයිද ඈ චෝදනා කරයි.
Indian Institute of Technology Delhi නම් විශ්ව විද්‍යාලයේ දේශනයක සහභාගී වෙමින් ඇය මේ බව පවසා තිබේ.
ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ‍්‍රී ලංකාව ඉන් මුදා ගැනීම සදහා ඉන්දියාව සිදුකරන මැදිහත් වීම ඇගේ පැසසුමට ලක්ව තිබේ.
පසුගිය දශක දෙක තුළ ශ‍්‍රී ලංකාවට ණය ලබා දෙන ප‍්‍රධාන මූලාශ‍්‍රය බවට චීනය පත්ව ඇති බව සමන්තා පවර් මහත්මිය පවසයි.
එම ණය වැඩි පොලියට ලබා දී තිබෙන අතර, ඒවායේ කිසිදු විනිවිද භාවයක් නැති බවද ඇය පවසා තිබේ. චීනය ලබා දී ඇති ණය යොදවා ඇත්තේ පොදුවේ මහජනතාවට ප‍්‍රයෝජනවත් වේ යැයි නොපෙනෙන ව්‍යාපෘති සදහා බවද ඇය පවසයි.
ලංකාව ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා තිබුනද, චීනය මේ දක්වා ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොදක්වා ඇති බව පවසන සමන්තා පවර් මහත්මිය, අනෙකුත් ද්වි පාර්ශ්වීය ණය හිමියන් මෙන් චීනය ද, ඔවුන් ලංකාවට ලබා දී තිබෙන ණය, ප‍්‍රතිව්‍යුහගත කිරීමට එකග වේදැයි ලෝකයම බලා සිටින බවද පවසයි.