‘ලංකාවේ ආර්ථිකය නැවත ධන වනු ඇත්තේ
2024 වසරේ දී ය.’
ලෝක බැංකුව කියයි.
ධනාත්මක ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීම සදහා 2024 වසර තෙක් සිටීමට ලංකාවට සිදුවනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.
2024 වසරේ දී 1% ක ධනාත්මක ආර්ථික වර්ධනයක් රට තුළ සිදුවනු ඇති බවයි ලෝක බැංකුවේ අදහසයි.
2022 වසරේ ලංකාවේ ආර්ථිකය 9.2% කින් හැකිලී ගිය අතර 2023 වසරේ දී ආර්ථිකයේ හැකිලීම 4.2% ක් බව ලෝක බැංකු පවසයි.