ලංකාවේ උදව්වට ඉන්න එකම අසල්වැසියා ඉන්දියාවයි…!

0
158

ලංකාවේ උදව්වට ඉන්න
එකම අසල්වැසියා ඉන්දියාවයි…!


ආසියාව ලෝකයේ බලගතු කලාපයක් බවට පත් වීමට පටන් ගැනීමත් සමග බොහෝ රටවල් ඉන්දීය සාගරයේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් පුළුල් කිරීමට පටන්ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

ආන්දෝලනාත්මක චීන යුද නෞකාව හම්බන්තොට වරායේ නැංගුරුම් ලෑමේ සිදුවීම පිළිබදව අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

කෙසේ වෙතත් ඉන්දියානු සාගරය, චීනය සහ ඉන්දියාව කුළල් කා ගන්නා තැනක් නොවනු ඇති බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබුණි.

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙන මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් අර්බුදයෙන් ගොඩ ඒමේ මං සොයා ගැනීම සදහා ලංකාවට උදව් කරන එකම අසල්වැසියා බවට පත්ව සිටින්නේ ඉන්දියාව බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 3 =