‘ලංකාවේ ඩිස්නිලෑන්ඩ් එකක් හැදීමේ
අදහසක් නෑ…!’
ඩිස්නි සමාගම කියයි.
ලෝ ප්‍රකට ඩිස්නි සමාගම මෙරට තුළ ඩිස්නි උද්‍යානයක් ඉදිකිරීමට මේ දක්වා අදහස් කර නැති බව පවසා තිබේ.
ඩිස්නි සමාගම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඔවුන්ගේ උද්‍යානයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත් එය ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුණි.
මේ පිළිබදව සන්ඩේ ටයිම්ස් පුවත්පත වෝල්ට් ඩිස්නි සමාගමෙන් විමසා ඇති අතර තම සමාගම ලංකාව තුළ ඩිස්නි උද්‍යානයක් පිහිටුවීමට අදහස් කර නැතිබව සමාගම පවසා තිබේ.