ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට
ජපානය තීරණාත්මක ලෙස මැදිහත් වෙයි.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය සදහා තීරණාත්මක මැදිහත් වීමක් සිදු කිරීමට ජපානය සූදානම් වේ.
ඒ අනුව, ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව එක් වී, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම සදහා, ශ්‍රී ලංකාවේ සියලු ණය හිමියන් වෙනුවෙන්, පොදු වේදිකාවක් ගොඩ නගන බව පවසා තිබේ.
මේ සදහා චීනයද සහභාගී වන්නේ නම් එය ඉතා යහපත් තත්ත්වයක් යැයි ජපාන මුදල් අමාත්‍ය ෂුනිෂි සුසූකි මහතා ඊයේ දිනයේ දී ප්‍රකාශ කර තිබේ.
ජී 07 සමුළුවට සහභාගී වී සිටින ජපානය, එහි දී, ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් රටවල් අත් විදිමින් සිටින ණය අර්බුදය පිළිබදව විශේෂ අවධානය යොමු කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජී 7 සමුළුවේ නිල නිවේදනය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම පොදු වේදිකාව ගොඩ නැගීම සදහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව ජපාන මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන අතර, ඒ සදහා ලංකාවට ණය ලබා දී සිටින සියළු රටවල් සහභාගී වන ඇතැයි තමන් අපේක්ෂා කරන බවද පවසා තිබේ.