ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය;
චීනය සහ ඉන්දියාව
ඔවුන්ගේ ස්ථාවරය මේ දක්වා පැහැදිලි කර නෑ.
රොයිටර් වාර්තා කරයි.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැරිස් සමූහයට අයත් රටවල නියෝජිතයන් චීනය සහ ඉන්දියාව සමග සාකච්ඡා පවත්වා ඇතත් මේ දක්වා එම රටවල් ද්විත්වය ඔවුන්ගේ ස්ථාවරයන් ප්‍රකාශ කර නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් සදහා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික එකඟතාවයකට පැමිණීමෙන් පසුව පැරිස් සමාජයට අයත් නිළධාරීන් ලංකාවේ ප්‍රධානතම ණය හිමියන් වන චීනය සහ ඉන්දියාව සමග සාකච්ඡා අරඹා තිබේ.
කෙසේ වෙතත් මේ දක්වා චීනය හෝ ඉන්දියාව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ ස්ථාවරය හෙළි කර නැත.