“ලංකාවේ ණය
ප‍්‍රතිව්‍යුහගතකිරීමේ කි‍්‍රයාවලියට
චීනය බාධාවක්…!”
ෆිච් රේටිංග්ස් කියයි.
ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කි‍්‍රයාවලිය සංකීර්ණ තැනකට ඇද දැමීමේ හැකියාව, ලෝකයේ දෙවන දැවැන්තම ආර්ථිකය හිමි චීනය සතු බව ෆිච් රේටිංග්ස් ආයතනය සදහන් කරයි.
චීනය ණය සහන ලබා දෙන ආකාරය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමකින් දී බලාපොරොත්තු වන දේ අතර වෙනසක් පවතී.
චීනය, ඔවුන්ගෙන් ලබාගෙන තිබෙන ණයක් ගෙවිය නොහැකි කිසියම් පාර්ශ්වයක් වේ නම්, ඒ ණය ගෙවීම සදහා තව ණයක් ලබා දීම සිදු කරයි.
චීනයේ එම ප‍්‍රවේශය, අනෙකුත් ණය හිමියන් සමග ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට අදාලව ශ‍්‍රී ලංකාව සිදු කිරීමට නියමිත සාකච්ඡුා දුෂ්කරතැනකට ඇද දමනු ඇතැයි, ෆිච් රේටිංග්ස් ආයතනය පවසයි.
ශ‍්‍රී ලංකාව චීනයට ගෙවිය යුතු මුළු ණය ඩොලර් බිලියන 6.5 කි.