ලංකාවේ දූෂණය වැළැක්වීම අයි.එම්.එෆ්. කරට ගනී.

0
680

ලංකාවේ දූෂණය වැළැක්වීම
අයි.එම්.එෆ්. කරට ගනී.

දූෂණ විරෝධී දැඩි නීති බලාත්මක කරන ලෙස
රජයට බලකරයි.

දූෂණ විරෝධී නීති රාමුවක් හදුන්වා දීම සදහා ශ්‍රී ලංකා බළධාරීන් සමග එක්ව කටයුතු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ දිනයේ දී ප්‍රකාශ කර තිබේ.

මූල්‍ය විනිවිදභාවය සහ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය වැඩි දියුණු කිරීම මගින් ශ්‍රී ලංකාවට මහත් හිසරදයක් වී තිබෙන දූෂණය අවමකරගත හැකි වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාරොත්තුවෙයි.

දූෂණයට එරෙහිව එක්සත් ජාතින්ගේ සම්මුතියට අදාල නීති රටට හදුන්වා දීමට සහ එම නීති බලාත්මක කිරීමට ශ්‍රී ලංකා බළදාරීන් මේ වන විටත් කටයුතු- කරමින් සිටියි.

එමෙන්ම ලංකාවේ රාජ්‍ය පාලනය සහ දූෂණය පිළිබද ගැඹුරු විශ්ලේෂණයක් සිදු කිරීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබෙන අතර ඒ සදහා තාක්ෂණික සහාය ලබා දීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 3 =