ලංකාවේ මානවහිමිකම් උල්ලංඝණය වීම් ගැන ඕස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක්.

0
218

ලංකාවේ මානවහිමිකම් උල්ලංඝණය වීම් ගැන
ඕස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක්.


ලංකාවේ සිදුවන මානවහිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඕස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඕස්ටේ්‍රලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම මත නිව් සවුත්වේල්සය නියෝජනය කරන මන්ත්‍රීවරු විසින් මෙම වාර්තාව නුදුරේදීම සභාගත කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

විරෝධතා මැඩපැවැත්වීම සදහා රජය දැඩි මර්දන නීති ගෙන ඒමත් – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් විරෝධතාකරුවන් රැදවුම්භාරයේ තබාගැනීමත් සැලකිල්ලට ගනිමින් අදාල වාර්තාව සභාගත කිරීමේ කටයුත්ත කඩිනම් කිරීමට නියමිත ය.

පසුගිය මැයි නමවන දා ගාළු මුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට පහර දුන් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මෙම යෝජනාවෙන් බලකරනු ඇත.

ඊට අමතරව නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව ජූලි මාසයේ දී ගාලුමුවදොර විරෝධතාකරුවන්ට සිදු කළ පහර දීමට සම්බන්ධ වූ ආරක්ෂ අංශ නිළධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද මෙම වාර්තාව යෝජනා කර තිබෙන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × five =