ලංකාවේ මානව හිමිකම් තත්ත්වය
සමන්තා පවර්ගේ අවධානයට..!
USAID සංවිධානයේ ප්‍රධාන පරිපාලන නිළධාරිනිය වන සමන්තා පවර් මහත්මිය සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල ලංකාවේ සංචාරය කිරීමට නියමිත ය.
මානව හිමිකම් – ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය අන්තර්ග්‍රහණය කර ගන්නා සංවර්ධනයකට තමන් ලංකාවට සහාය දැක්වීමට සූදානම් බව USAID ප්‍රකාශ කර තිබේ.
මෙරට සංචාරයේ දී රජයේ නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සහ ගොවියන් ඇතුළු ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් පාර්ශ්ව මුණ ගැසීමට සමන්තා පවර් සූදානමින් සිටියි.
ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජන කරන දේශපාලන පක්ෂ නායකයන් මුන ගැසීමටද ඈ අදහස්කරගෙන සිටින බව පැවසේ. රට මුහුණ දී තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලන නායකයන්ට තිබෙන අදහස් පිළිබදව සාකච්ඡා කිරීම ඇගේ අරමුණ බව වාර්තා වේ.