‘ලංකාවේ විදේශ ණයවලින් 22% ක් චීන ණය..!’ රොයිටර් වාර්තා කරයි.

0
94

‘ලංකාවේ විදේශ ණයවලින්
22% ක් චීන ණය..!’
රොයිටර් වාර්තා කරයි.

ලංකාවේ විදේශ ණය ගැනීම්වලින් 20% ක් පමණ චීනයෙන් ලබාගෙන ඇති ණය බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය පසුගිය වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.4 කි.

මෙයට පෙර වාර්තා වී තිබුණේ මෙරට විදේශ ණය ගැනීම්වලින් චීනයෙන් ගත් ණය ප්‍රමාණය 10%-15% ත් අතර ප්‍රමාණයක පවතින බවයි.

ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37.6 කි. චීනයෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියන 1.6 ක ස්වැප් ණය පහසුකම සහ ශ්‍රී ලංකා මහ බැංකුව ලබාගෙන ඇති විදේශ මුදල් ණය එකතු කළ විට එම ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 40.6 දක්වා ඉහළ යයි.

එම සමස්ත ණයෙන් 22% ක් චීනයෙන් ලබාගෙන ඇති ණය වේ.

ලංකාව චීනයට වී ඇති ණය වලින් බහුතරය මධ්‍යම රජය ලබා ගත් ණය නොව රාජ්‍ය ආයතන විසින් ලබාගෙන ඇති ණය බවද වාර්තා වේ.

ජෝන්ස් හොප්කිංන්ස් වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මෙම කරුණු අනාවරණය කර තිබේ.

එම වාර්තාවන්ට අනුව චීන එක්සිම් බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.3 කි. චීන සංවර්ධන බැංකුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3 කි.

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ඉල්ලා ඇති අතර එම ණය ලබා ගැනීමට නම් ලංකාවට දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පාර්ශ්ව කරුවන් ඔවුන්ගේ එකගතාවය ලබා දිය යුතුය.

මේ දක්වා චීනය සහ ඉන්දියාව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අවසන් වචනයක් ලබා දී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − 4 =