ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම; අපේකෂා ඉහළට..! චීන එක්සිම් බැංකුව ලංකාව සමඟ මූලික ගිවිසුමකට අත්සන් තබයි. -බ්ලූම්බර්ග්.

0
367

ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම;
අපේකෂා ඉහළට..!
චීන එක්සිම් බැංකුව
ලංකාව සමඟ
මූලික ගිවිසුමකට අත්සන් තබයි.
-බ්ලූම්බර්ග්.

ශ්‍රී ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී තිබෙන චීන එක්සිම් බැංකුව, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාලව, ශ්‍රී ලංකාවේ පාර්ශ්වකරුවන් සමග මූලික එකගතාවයකට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය, යම් තරමක අඩස්සිගතවීමකට ලක්ව තිබෙන ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය පිළිබදව අපේක්ෂා දල්වන්න තත්ත්වයකි.

සැප්තැම්බර් මස අගදී දෙපාර්ශ්වය ගිවිසුමකට එළඹ ඇති බව, අද දිනයේ දී, චීන විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 330 ක නිදහස් කර ගැනීම සදහා විදේශීය ණය හිමියන් සමඟ, ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සාර්ථකව එළැඹීමද අවශ්‍ය වේ.

චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකවරයා පවසා ඇත්තේ, ශ්‍රීලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබදව, ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දෙන, පැරිස් ක්ලබ් යනුවෙන් හදුන්වන රටවල් ඛාණ්ඩය සමගද සාකච්ඡා කරන බවයි.

ශ්‍රී ලංකාව, චීනයෙන් ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.85 කි. එම ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 3.99 ක් ලබාගෙන ඇත්තේ චීන එක්සිම් බැංකුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 4 =