ලංකාව ප්‍රථමයෙන්ම සංචාරය කළ යුතු රටක්..!
ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය නිවේදනය කරයි.
ලංකාව සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සහ ලංකාවේ සැබෑ තත්ත්වය අතර පරස්පරයක් පවතින බවත් මාධ්‍ය වලින් පෙන්වන කිසිදු අවදානමක් රට තුළ නැති බවත් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ නියෝජිතයෝ පවසති.
ඔවුන් මේ බව පවසා සිටියේ ඊයේ දිනයේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අගමැතිවරයා හමු වීමෙන් පසුව ය.
ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබදව ලෝකයට වාර්තා කිරීමේ වගකීම ඔවුන් භාරගන්නා බව පවසා ඇති ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ නියෝජිතයෝ මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවටද අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වී තිබේ.
වර්තමානයේ ලෝකය පත්ව තිබෙන තත්ත්වය පිළිබදව සැලකිලිමත් වීමේ දී ලංකාව ඉතා හොද තත්ත්වයක පසුවන බවත් සංචාරකයන් මුලින්ම සංචාරය කළ යුතු රටක් බවට ලංකාව පත්ව ඇති බවත් ඔවුන් පවසා ඇතැයි වාර්තා වේ.
රට තුළ පවතින ආරක්ෂාව සම්බන්ධයෙන්ද එම නියෝජිතයන්ගේ ප්‍රශංසාව හිමිව තිබේ