‘ලංකාව මැදි ආදායම් රටක් නොව
අඩු ආදායම් රටක් යැයි නිවේදනය කරන්න..!’
ලෝක බැංකුව රජයට යෝජනා කරයි.
ලංකාව මැදි ආදායම් රටක තත්ත්වයේ සිට අඩු ආදායම් රටක තත්ත්වය දක්වා ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළන ලෙස ලෝක බැංකුව යෝජනා කර තිබේ.
වැඩි ආධාර ප්‍රමාණයක් ලබා ගැනීමටත් අඩු පොලියට ණය ලබා ගැනීමටත් ඒ තත්ත්වයක් යම් පිටිවහලක් වනු ඇතැයි ලෝක බැංකුවේ විශ්වාසයයි.
ඒ අනුව ඊට අදාලව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බව වාර්තා වේ.
ලෝක බැංකුව විසින් අදාල යෝජනාව ලංකා රජයට ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා තහවුරු කර තිබේ.
ඒ බව අද වෙළද පොලට නිකුත්ව තිබෙන සන්ඩේ මෝර්නිං පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.
මෙම යෝජනාව මීට පෙර ඉන්දියාව විසින් ද ඉදිරිපත් කර තිබුණි.
රට මැදි ආදායම් තත්ත්වයේ සිට අඩු ආදායම් තත්ත්වය දක්වා පහත හෙළීමෙන් ආධාර සහ අඩු පොලී ණය ලබා ගැනීමේ හැකියාව තිබුණද ඉන් සමස්ත ආර්ථිකයට ඇති විය හැකි බලපෑම පිළිබදව ගැඹුරින් කල්පනා කර බැලිය යුතු යැයි විෂය පිළිබදව උනන්දුවක් දක්වන පිරිස් පවසන බව මෝර්නිං පුවත්පත වාර්තා කරයි.