“ලංකාව, ලෝකයේ සංචාරය කළ යුතුමදූපත් රාජ්‍යයන් 50 න් එකක්..!” බිග් 7 ට්‍රැවල් නිර්දේශ කරයි.

0
299

“ලංකාව, ලෝකයේ සංචාරය කළ යුතුම
දූපත් රාජ්‍යයන් 50 න් එකක්..!”
බිග් 7 ට්‍රැවල් නිර්දේශ කරයි.


ලංකාව, ලෝකයේ සංචාරය කළ යුතුම දූපත් රාජ්‍යයන් පනහ අතරට එක් කිරීමට බිග් 7 ට්‍රැවල් ආයතනය පවසයි.
අදාල ලයිස්තුවේ ලංකාවට හිමිව තිබෙන ස්ථානය අංක 13 යි.

පසුගිය සමයේ පැවති විරෝධතා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව, සංචාරක ආකර්ශනයෙන් දුරස්ව පැවතියද, මේ වන විට නැවතත්, මෙම දූපත් රාජ්‍ය සංචාරක ආකර්ශනය දිනා ගනිමින් සිටින බව බිග් සෙවන් ට්‍රැවල් පවසයි.

ශ්‍රී ලාංකිකයන් මිත්‍රශීලී ජාතියක් ලෙස හදුන්වන බිග් සෙවන් ට්‍රැවල්, අපගේ වෙරළ තීර, ඓතිහාසික නටඹුන්, අලි ඇතුන්ගෙන් පිරීගිය වනෝද්‍යාන සහ ආහාර සංස්කෘතියද පැසසුමට ලක්කර තිබේ.

ලයිස්තුවේ අංක එකට පත්ව ඇත්තේ බහමාස් රාජ්‍යයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × four =