‘ලංකාව වෙනුවෙන්
චීනය ලබා දී තිබෙන දේ
ප්‍රමාණවත් නෑ..!’
එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්
වික්ටෝරියා නූලන්ඩ්.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලව චීනය පැමිණ තිබෙන එකගතා ප්‍රමාණවත් නොවන බව දේශපාලන කටයුතු පිළිබද එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පවසයි.
චීනය; ලංකාවේ විශාලතම ද්වීපාර්ශ්වික ණය දෙන්නා ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය සහනය ප්‍රමාද වීමට චීනයේ ස්ථාවරය හේතු වී ඇති බව පැවසේ.
ණය ආපසු ගෙවීම සදහා දෙවසරක සහන කාලයක් ලංකාවට ලබා දීමට පමණි චීනය එකග වී ඇත්තේ.