ලංකාව සංචාරයට සුදුසුම රටක්..! ෆෝර්බ්ස් සගරාව යළිත් කියයි.

0
336

‘ලංකාව සංචාරයට
සුදුසුම රටක්..!’
ෆෝර්බ්ස් සගරාව යළිත් කියයි.

ජාත්‍යන්තර ෆෝර්බ්ස් සගරාව විසින් ශ්‍රී ලංකාව, 2023 වසරේ දී සංචාරය කිරීම සදහා සුදුසුම රටවල් 23 අතරට එක් කර තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් නිර්දේශය අනුව ෆෝර්බ්ස් සගරාව අදාල රටවල් 23 නම් කර තිබෙන අතර, ශ්‍රී ලංකාව, සංචාරය සදහා සුදුසුම රටක් ලෙස නම්කර තිබෙන්නේ ජුලියානා බ්‍රොස්ටේ විසිනි.

නෙළුම් කුළුණේ සිට සීගිරිය දක්වා වූ ස්ථාන රැසක් ජුලියානාගේ ඇගැයීමට ලක්ව තිබේ.

ඊට අමතරව, ලංකාවේ මුහුදු වෙරළ සහ වනෝද්‍යාන පිළිබදව මෙන්ම තේ වතු සහ මග දෙපස සිටින තැඹිලි වෙළෙන්දන් ඇතුළුව තවත් බොහෝ දේ පිළිබදව ඇගේ විශේෂ අවධානය යොමු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − seven =