ලංකාව සමඟ කරන ගනු දෙනු සදහා
බංග්ලාදේශ මහ බැංකුව
සීමාවක් පනවයි.
ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේ දී ACU පද්ධතිය හරහා ගනුදෙනු කිරීමෙන් වළකින ලෙස බංග්ලාදේශ මහ බැංකුව එරට බැංකු පද්ධතියට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
ආසියානු නිශ්කාශන සංගමය The Asian Clearing Union (ACU) යනු අන්තර් කලාපීය ගනුදෙනු සදහා ගෙවීම් පියවන ක්‍රමයකි.
එම සංගමයට ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, පාකිස්තාන,- මාලදිවයින සහ මියන්මාරය යන රටවල් අයත් ය.
සංගමයේ මූලස්ථානය ටෙහෙරානයේ පිහිටා තිබේ.
ACU පද්ධතිය හරහා සිදුවන සිදුවන වෙළද ගනුදෙනුවලදී ගෙවීම් පියවීම සදහා සංගමයට අයත් රටවල මහබැංකු වෙත මාස දෙකක කාලයක් හිමි වේ.
කෙසේ වෙතත් ලංකාව සමග සිදුකරන ගනුදෙනුවලදී පද්ධතිය හරහා ගනුදෙනු කිරීමෙන් වළකින ලෙස බංග්ලාදේශ මහ බැංකුව එරට බැංකු පද්ධතියට උපදෙස් දී තිබේ.