ලක්ෂ 150 ක් අයතා ලෙස ඉපැයීම. නාමල්ගේ නඩුව දෙසැම්බර් 08 දක්වා කල් යයි.

0
189

ලක්ෂ 150 ක් අයතා ලෙස ඉපැයීම.
නාමල්ගේ නඩුව දෙසැම්බර් 08 දක්වා
කල් යයි.


රුපියල් මිලියන 15 ක මුදලක් අයතා ලෙස උපයාගෙන ඇති බවට චෝදනා කරමින්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මාසයේ 08 දක්වා කල් තබා තිබේ.

මෙම නඩුව සදහා මූල්‍ය අපරාධ කොට්ඨාශය නීතිපති උපදෙස් ඉල්ලා ඇති අතර, නීතිපති උපදෙස් ප‍්‍රමාද වීම මෙසේ නඩුව කල් තැබීමට හේතුව යි.

උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් ලක්ෂ 150 ක මුදලක්, එන්.ආර්. කන්සල්ටන්සි නම් සමාගමේ ආයෝජනය කිරීම මගින් මුදල් විශුද්ධිකරණයට අදාල වරදක් නාමල් රාජපක්ෂ විසින් කර ඇති බවට චෝදනා කරමින්, මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම නඩුව ගොනුකර තිබුනි.

නාමල් රාජපක්ෂ, සුදර්ශන බණ්ඩාර, නිත්‍යා සේනානි සහ සුජානි බෝගොල්ලාගම යන අය මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 2 =