ලක්ෂ 750 ක් අයථා ලෙස ඉපැයීම.
නඩුවට නොපැමිණි විමල් වීරවංශට
නැවත පැමිණීමේ දී වෛද්‍ය සහතිකයකුත් රැගෙන
එන ලෙස අධිකරණය නියෝග කරයි.
2009-2014 අතර කාලයේ අමාත්‍යවරයෙකු ලෙස සිටිමින් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි මූලාශ්‍ර මගින් රුපියල් ලක්ෂ 750 කට අධික වත්කමක් උපයාගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම ඔහුට එරෙහිව ඇති නඩුව ඊයේ කැදවූ අවස්ථාවේ දී හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණයට පැමිණ තිබුණේ නැත.
තම සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බව විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරටා අධිකරණයට දැනුම් දී තිබුණි.
ඒ අනුව නඩුව නැවත ඔක්තෝබර් 26 වන දා කැදවන බවට නිවේදනය කළ විනිසුරුවරයා එදින පැමිණීමේ දී ඔහු නොපැමිණීමට අදාල වූ රෝගී තත්ත්වය පිළිබදව වෛද්‍ය වාර්තාවක් ද ගෙන එන ලෙස නියෝග දී තිබේ .