ලන්සාට එරෙහි කුඩු චෝදනාව
සනත් නිශාන්ත ප්‍රසිද්ධියේ එළියට අදියි.
ජනාධිපතිවරයා විවේචනයට ලක් කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයකට එරෙහිව, ඊයේ දිනයේ දී නිමල් ලාන්සා දැඩි උත්තරයක් දී තිබුණි.
ජනාධිපතිවරයා නොවැම්බරයේ දී ඉදිරිපත් කරන අයවැය පරාද කර පෙන්වන්නැයි අභියෝග කළ නිමල් ලාන්සා, හැකිනම් තමන් සමග විවාදයකට එන ලෙස ද නාමල්ගෙන් ඉල්ලා සිටියේ ය.
ලාන්සාගේ මෙම අභියෝගය සම්බන්ධත්‍යන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඊයේ රාත්‍රියේ පැවති හිරු බලය වැඩසටහනේ දී උත්තර දුන්නේ ය.
ඔහු පවසා සිටියේ, නිමල් ලාන්සා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කිසි දිනෙක විවාදයකට නොයනු ඇතැයි තමන් සිතන බවය. එමෙන්ම, විවාදයක දී නිමල් ලාන්සා පරාද කිරීමේ හැකියාව නාමල්ට නැති බවද ඔහු පැවසී ය.
නිමල් ලාන්සා කුඩු ගංජා සහ හෙරොයින් සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අයෙකු බවත්, විවාදයකදී ඔහු ඒ මාතෘකා පිළිබදව නිසැක වශයෙන්ම කතා කරනු ඇති බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, නාමල් රාජපක්ෂද එවැනි විෂයයන් ගැන කිසිදු දැනුමක් නැති බව ද පැවසී ය.
එමෙන්ම, මෙම දේශපාලන සංවාදයේ දී තවත් චෝදනාවක් රාජ්‍ය අමාත්‍යවරයා නිමල් ලාන්සාට එරෙහිව ගෙන ආවේ ය.
එයනම්. මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට නිමල් ලාන්සාද එක් හේතුවක් වූ බවට වන චෝදනාවයි.
නිමල් ලාන්සාගේ නිවසේ කුඩු ඇතැයි ලැබුණු ඔත්තුවකට අනුව, ඔහුගේ නිවස වැටලීමට විශේෂ කාර්ය බලකා සෙබළු කටයුතු කළ වෙලේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුව බේරා ගැනීමට මැදිහත් වූ බවට ප්‍රබල චෝදනාවක් සමාජයෙන් එල්ල වූ බව පවසන අමාත්‍යවරයා, එය මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට බලපෑ එක් හේතුවක් බවද පැවසී ය.