“ලබන වසරේ පැවැත්වීමට නියමිත ඡන්දත්
කල් දැමීමේ කුමන්ත්‍රණයක්..!”
විපක්ෂනායක
පලාත් පාලන මැතිවරණය කල් දැමූ පරිද්දෙන්ම, ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ ද කල් දැමීම සදහා රජය කූඪ උපක්‍රම සොයමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
“මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම” නමැති අයිසින් තැවරූ කේක් කැබැල්ල ඒ සදහා වූ ඇමක් ලෙස දැමීමට රජය සූදානම් වන බව ද විපක්ෂනායකවරයා චෝදනා කරයි.
කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය මර්දනය කිරීමට රජය ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් ජනතාව සමග එක්වී පරාජය කරන බවටද විපක්ෂනායකවරයා ශපථ වෙයි.
විපක්ෂ නායකවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.
