ලබන සතියේ දිවුරුම් දෙන ඇමතිවරුන්ගේ නම් ලයිස්තුවන් එළියට…
ජොන්ස්ටන් සහ මහින්දානන්දගේ නම් නෑ.
ලබන සතියේ තවත් කැබිනට් අමාත්‍යවරු දොළොස් දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
දිවුරුම් දීමට අමාත්‍යවරුන්ගෙන් දස දෙනෙකු පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන් බවද පැවසේ.
මේ අතර සති අන්ත ප්‍රධාන සිංහල පුවත්පතකත් සමාජ මාධ්‍යයේත් දිවුරුම් දීමට නියමිත ඇමතිවරුන්ගේ නාම ලේඛනයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර පොහොට්ටු පක්ෂයේ හිටපු ප්‍රබල ඇමතිවරු දෙදෙනෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දාදන්ද අළුත්ගමගේ යන අයගේ නම් එම නම් ලයිස්තු තුළ දක්නට නොලැබීම විශේෂත්වයකි.