ලබන සතියේ සිට අළුත් කැබිනට්ටුවක්…!
ඇමතිධූර 30 ක් රාජ්‍ය ඇමති ධූර 40 ක්.
නව කැබිනට් මණ්ඩලයක් ලබන සතියේ දී පත් කිරීමට නියමිත ය. ඒ අනුව කැබිනට් අමාත්‍යවරු 30 ක් සහ රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පත් කිරීමට නියමිත ය.
මේ වන විට කැබිනට් අමාත්‍යවරු 19 දෙනෙකු පත් කර සිටින අතර ඔවුන්ගෙන් ඇතැම් ඇමතිවරු විෂය පථයන් දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් හොබවන අතර ඔවුන්ගෙන් ඇතැම් විෂයයන් ඉවත් වී අළුතෙන් කැබිනට් මණ්ඩලයට එකතුවන අයට එම විෂයයන් ලබා දෙනු ඇතැ බවද පැවසේ.