ලයිකා මොබයිල්
ප්‍රංශ සමාගමේ ලොක්කෝ
බදු වංචා සහ
මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ
අත්තඅඩංගුවට..!
ලයිකා මොබයිල් ප්‍රංශ සමාගමේ ප්‍රධානීන් කිහිප දෙනෙක, බදු වංචාවකට සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන සිරගත කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ලයිකා මොබයිල් හිමිකරු සුබාස්කරන් අල්ලිරාජා මෙම නඩු තීන්දුව සමග එකග නොවන බව පවසා තිබේ.
2014 සහ 2016 අතර කාලයේ දී සමාගම, යුරෝ මිලියන 17 ක බදු වංචාවක් සදහා දැනුවත්ව සම්බන්ධ වී ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය පවසා තිබේ.
ඔහුට එරෙහි චෝදනා සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින්, ලයිකා මොබයින් ප්‍රංශ සමාගමේ ප්‍රධානියා ක්‍රිස්ටෝෆ:ර් ටූලීට වසර තුනක සිර දඩුවමක් සහ යුරෝ ලක්ෂ දෙක හමාරක දඩයකට අධිකරණය මගින් යටත් කර තිබේ. ඊට අමතරව, වසර පහක කාලයකට, ව්‍යාපාර කළමණාකරණයට සම්බන්ධ වීමට ඔහුට තහනම් කර තිබේ.
මීට අමතරව, ලයිකා මොබයිල් සර්විසස් සමාගමට යුරෝ මිලියන තුනක දඩයකුත්, ලයිකා මොබයිල් ෆ්‍රාන්ස් සමාගමට යුරෝ මිලියන හතක දඩයකුත් නියම වී තිබේ.
ලයිකා මොබයිල් ප්‍රාන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී ඇලන් ජෝචිමෙක් ට වසර තුනක සිරදඩුවමක් නියම වී ඇති අතර, මාස දහ අටක කාලයක් ඔහු ඉලෙක්ට්‍රොනික ආරක්ෂක පටියක් පැළද පොලිස් නිරීක්ෂණය යටතේ සිටීමට නියම කර තිබේ. ඔහුට යුරෝ එක් ලක්ෂ විසි දහසක දඩයක් නියම කර තිබෙන අතර, ව්‍යාපාර කළමණාකරණය වසර පහකට තහනම් ය.