‘ලයිට්බිල අසාධාරණයි. අපි ගෙවන්නේ නෑ..!’ඕමල්පේ සෝභිත හිමි.

0
199

‘ලයිට්බිල අසාධාරණයි.
අපි ගෙවන්නේ නෑ..!’
ඕමල්පේ සෝභිත හිමි.


‘ගෙව්වේ නැත්තං ලයිට් කපනවා.’
ඇමති කාන්චන.

විදුලිය ගාස්තු ඉහළ දැමීම තුළ මීට පෙර රුපියල් පනස් අට දහසක් පමණ වූ විදුලි බිල රුපියල් ලක්ෂ තු-න දක්වා ඉහළ ගොස් ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

විදුලි බිල විශාල වශයෙන් ඉහළ යාම පිළිබදව අප්‍රසාදය පළකර සිටින සෝභිත හිමියෝ මේ තත්ත්වය තුළ විදුලි බිල නොගෙවා සිටීමට සිදුවන බවද අවධාරණය කරති.

විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ දේශපාලනඥයන් විසින් කරන ලද හොරකම් නිසා බවත් එහි වන්දිය ජනතාවට ගෙවිය නොහැකි බවත් සෝභිත හිමියෝ පවති.

සෝභිත හිමියන්ගේ විරෝධය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

දේශපාලනඥයන්ගේ ගොඩට සෝභිත හිමියන්ද ඇතුළුවනබව අමාත්‍යවරයා පළමුව සිහිපත් කරයි.

දෙවනුව ඔහු පවසා ඇත්තේ විදුලි බිල නොගෙවන්නේනම් පන්සලේ වුනත් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි.

විදුලිබල මණ්ඩලය ක්‍රියාකරන්නේ එක් නීතියක් යටතේ බව අමාත්‍යවරයා පවසයි. ඒ අනුව බිල නොගෙවන පොදු ජනතාවට විදීමට සිදුවන විදුලිය විසන්ධි කිරීමට සෝභිත හිමියන්ටද මුහුණ දීමට සිදුවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + thirteen =