ලලිත් කූගන් අතුරුදන් කිරීම; අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගෝඨාභයට නොතීසි.

0
420

ලලිත් කූගන් අතුරුදන් කිරීම;
අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස
ගෝඨාභයට නොතීසි.


මානවහිමිකම් ක්‍රියාධරයන් දෙදෙනෙකු වන ලලිත් සහ කූගන් යන අය අතුරුදන් කිරීම හා සම්බන්ධ නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද කැදවා තිබුණු අතර එම නඩුවේ වගඋත්තරකරුවකු වන හිටපු ජනාධිපති – එවකට ආරක්ෂක ලේකම් – ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ දී ද හේතුවක් නොදන්වා ම අධිකරණය මග හැර තිබුණි.

ඒ තත්ත්වය මත නඩුව නැවත දෙසැම්බර් පහළොස්වනදා කැදවන බවත් එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබේ.

ලලිත් සහ කූගන් 2011 වසරේ දෙසැම්බර් නම වනදා සිට අතුරුදන්ව ඇති අතර එවකට ආරක්ෂක ලේකම්වරයා වූ වේ පසුකලෙක ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 9 =