‘ලසන්ත ඝාතනය;’ හේග් නුවර මහජන විනිශ්චය සභාව ශ්‍රී ලංකා රජයට එරෙහිව අධිචෝදනා භාර දෙයි.

0
705

ලසන්ත ඝාතනය;
හේග් නුවර මහජන විනිශ්චය සභාව
ශ්‍රී ලංකා රජයට එරෙහිව අධිචෝදනා භාර දෙයි.


මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් නෙදර් ලන්තයේ හේග් නුවර මහජන විනිශ්චය සභාව විසින් ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා රජයට එරෙහිව අධි චෝදනා භාර දී තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයටශ්‍රී ලංකා රජය වගකිව යුතු බවට වන පදනම මත පිහිටා මහජන විනිශ්චය සභාව මෙසේ ශ්‍රී ලංකාවට එරෙහිව අධිචෝදනා භාර දී තිබේ.

අධිචෝදනා පත්‍රය කියවමින් පසුවිනිසුරු බර්තෝනි පවසා ඇත්තේ ඔහු දැරූ දේශපාලන මතය හේතුවෙන් වෙනස්කොට සැලකීමෙන් නිදහස් වීමට ලසන්ත වික්‍රමතුංග මහතාට ඇති අයිතිය ශ්‍රී ලංකා රජය උල්ලංඝණය කර ඇති බවයි.

විනිශ්චය මණ්ඩල සැසිවාරය පසුගිය මැයි මාසයේ 12 සහ 13 යන දිනවල හේග් නුවර පැවැත් විණි. එහිදී මාධ්‍යවේදීන් 27 දෙනෙකු සහ මාධ්‍යසේවකයන් 17 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් සාක්ෂි විමර්ෂණය කර තිබේ. ඝාතනයට ලක් වූ පිරිසෙන් 35 දෙනෙකු ද්‍රවිඩ ජාතිකයන් ය.

මේ ඝාතන සම්බන්ධයෙන් විධිමත් ලෙස විමර්ෂණ සිදු කර නැති අතර අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කිසිවකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර නැත.

ඊට වෙනස්ව මෙම අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ඇතැම් හමුදා නිළධාරීන්ට සමාව ලබා දී ඇති අතර ඔවුන් යළි සේවයෙහි පිහිටුවා තිබෙන බවට විසිනුරු මාර්ටින් ෆෝර්ටි පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + 20 =