දින කිහිපයක් තිස්සේ බෙදා හැරීම අත්හිටුවා තිබුණු ගෘහස්ත ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම නැවත ජූනි මාසයේ පළමු වැනිදා සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
ඒ නමුත්, නැවත දැනුම් දෙන තුරු පෝලිම්වල රැදී නොසිටින ලෙසද ලිට්‍රෝ සමාගම ඉල්ලා සිටියි.
එමෙන්ම මාස කිහිපයක් තිස්සේ අත්හිටුවා තිබුණු ලාෆ්ස් ගෑස් බෙදා හැරීම ජූනි මාසයේ 10 වන දා සිට යළි ආරම්භ කරන බව ලාෆ්ස් ගෑස් සමාගමද නිවේදනය කර තිබේ.