ලිස් ට්‍රස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත් වෙයි.
බොරිස් ජොන්සන්ගෙන් පුරප්පාඩුවූ බ්‍රිතාන්‍ය අරග්‍රාමාත්‍ය ධූරය ලිස් ට්‍රස් තේරී පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොන්සවේටිව් පක්ෂ නායකත්වය සදහා පැවති ඡන්ද විමසීමේ දී හිටපු මුදල් අමාත්‍යවරයා වූ රිෂී සූනක් පරාජයට පත් කිරීමට ලිස් ට්‍රස් සමත් වූවා ය.
ඒ අනුව ඇය හෙට දිනයේ දී අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
ලිස් ට්‍රස් 1975 වසරේ දී උපත ලබා ඇති අතර මේ වන විට 47 වන වියේ පසු වෙයි.