“ලීටර් 40 කින් කොහේ දුවන්නද..?
අද මධ්‍යම රාති‍්‍රයේ සිට ධාවනයෙන් ඉවත්වනවා.”
අන්තර්පලාත් පෞද්ගලික බස් සංගමය.
අද රාති‍්‍රයේ සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කළ බව අන්තර් පලාත් පෞද්ගලික බස් සංගමය නිවේදනය කරයි.
QR ක‍්‍රමය යටතේ බස් රථ සදහා ඞීසල් ලීටර් 40 ක් පමණක් ලබා දීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය ගන්නා බව එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පවසයි.
දුරගමන් ධාවනයේ යෙදන බස් රථ සදහා ඞීසල් ලීටර් හතලිහක් කිසිසේත්ම ප‍්‍රමාණවත් නැති බවයි ඔහු පවසන්නේ.\
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සදහා ද ඉන්ධන ලබා දීමේ වැඩ පිළිවෙලක් දියත් වුවද, එය සාර්ථක නැති බවද ඔහු පවසයි. ලංගම ඩිපෝවලින් ඉන්ධන ලබා ගැනීම අල්ලස් දීමට සිදුව ඇති බවටද ඔහු චෝදනා කරයි.