‘ලේසියෙන්ම අපේ ණය කන්දරාව චීනාගේ කරේ ගහන්ඩ තිබුණා..!’ විමල් වීරවංශ.

0
257

‘ලේසියෙන්ම
අපේ ණය කන්දරාව
චීනාගේ කරේ ගහන්ඩ තිබුණා..!’
විමල් වීරවංශ.


රට බංකොලොත් යැයි ප්‍රකාශ නොකර කළ යුතු වෙනත් විකල්පයක් තිබුණු බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු පවසන්නේ, ශ්‍රී ලංකාව ගෙවිය යුතුව ඇති සියළු විදේශීය ණය චීනයට විකිණිය හැකිව තිබුණු බවයි.

ශ්‍රී ලංකාව ගෙවිය යුතුව ඇති සියළු ණය චීනයට විකිනූ විට, චීනය විසින් අදාල රටවලට එම ණය ගෙවනු ඇති බවත්, ලංකාවට ඇත්තේ කාලය දීර්ඝ කර ගනිමින් චීනයට ණය ගෙවීම යැයි හිටපු අමාත්‍යවරයා යෝජනා කරයි.

මේ ආකාරයට, තමන්ගේ රටේ විදේශ ණය චීනයට විකිණූ රටක් තිබෙන බවද හිටපු අමාත්‍යවරයා පවසයි.

එය එල් සැල්වදෝරය හෝ වෙනත් රටක් විය හැකි බවත්, තමන්ට එම රටේ නම නිශ්චිතව මතක නැති බවත් ඔහු පවසයි.

හිටපු අමාත්‍යවරයා මේ අදහස් පලකර තිබුනේ සියත රූපවාහිනිය ඔස්සේ විකාශය වූ සංවාදශීලී දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමිනි.

https://www.facebook.com/WimalWeerawansa.sl/videos/223105937037729/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 18 =