ලොව පුරා සිටිනඇමරිකානුවන්ට
රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන්
අනතුරු හැගවීමක්..!
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, ලොව පුරා සිටින සියළු ඇමරිකානුවන්ට, අනතුරු හැගවීමක් සිදුකර තිබේ.
ඒ, ඕනෑම මොහොතක, ඇමරිකානු පුරවැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවිය හැකි බව පවසමිනි.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර හටගෙන තිබෙන යුද්ධයේ දී ඇමරිකාව ඊශ්‍රායලයේ පැත්ත ගෙන තිබේ.
ලොව පුරා රටවල් රැසක ඊශ්‍රායලයට එරෙහිව උද්ඝෝෂණ සිදුවෙමින් පවතින අතර, බොහෝවිට මෙම උද්ඝෝෂණ සිදුවන්නේ ඒ රටවල පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල ඉදිරියේ ය.
මීට පෙර, ගුවන් ප්‍රහාර මගින් අල්ක්වයිඩා නායක බින් ලාඩන් ඝාතනය කළ අවස්ථාවේ දී ද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, මේ ආකාරයටම ලොව පුරා විසිරී සිටින සිය රටවැසියන් ඉලක්ක කර ගනිමින් මෙවැනිම අනතුරු හැගවීමේ නිවේදනයක් නිකුත් කර තිබුණි.