ලෝක බලවතුන්ගේ බල අරගලයේ ගොදුරක් වන්න බෑ. ලංකාවට පැමිණෙන විදේශීය නැව් සහ ගුවන් යානා සදහා නව නීති මාලාවක්….!

0
875

ලෝක බලවතුන්ගේ බලඅරගලයේ
ගොදුරක් වන්න බෑ.
ලංකාවට පැමිණෙන විදේශීය නැව් සහ ගුවන් යානා සදහා
නව නීති මාලාවක්….!

ශ්‍රී ලංකාවේ මුහුදු හෝ ගුවන් සීමාවට පැමිණෙන විදේශීය නාවික යාත්‍රා සහ ගුවන් යානා විසින් අනුගමනය කළ යුතු නීති මාලාවක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සදහා සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එම සැසිවාරයට සමගාමීව පැවති, ඉන්දු-පැසිපික් දූපත් රාජ්‍ය කතිකාවේ දී පළමු වරට මේ බව ප්‍රකාශ කර තිබේ.

චීන නාවික යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ කණස්සල්ල පිළිබදව අවධානය යොමු කරමින්, ජනාධිපතිවරයා පවසා ඇත්තේ, චීන නෞකාව ඔත්තු බැලීමේ අරමුණ ඇතිව පැමිණෙන යාත්‍රාවක් නොවන බවයි.

ලංකා මුහුදු සීමාවට හෝ ගුවන් සීමාවට ඇතුළුවන යාත්‍රා සදහා මෙරට තුළ රැදී සිටිය හැකි දින ගණන, ඔවුන්ට මෙරට තුළ සිදු කළ හැකි ක්‍රියාකාරකම්, මෙරටට පැමිණිය හැක්කේ කුමන වර්ගයේ යාත්‍රාද යන වග ආදී කරුණු, මෙම නව නීති මාලාවට ඇතුළත් වනු ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + thirteen =