ලෝක බැංකුවෙන් වාර්ෂිකව
ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 300 ක
ණයක්.
වාර්ෂිකව ඩොලර් මිලියන 300 ක ණය පහසුකමක් ශ‍්‍රී ලංකාවට ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය එකග වී ඇති බව වාර්තා වේ.
පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේ දී දේශීය නියෝජිතයන් සහ ලෝක බැංකු නියෝජිතයන් අතර පැවති සාකච්ඡුාවේ දී මෙම එකගතාවය තහවුරු වී තිබේ.
ලංකාව මැදි ආදායම් රටක තත්ත්වයෙන් පහල ආදායම් රටක තත්ත්වය දක්වා පිරිහෙළන ලෙස දේශීය නියෝජිතයන් විසින් කරන ලද ඉල්ලීම පිළිබදව සලකා බැලීමට ලෝක බැංකුව එකග වී තිබේ.