“ලෝක බැංකුව ඩොලර් මිලියන 700 ක් ලබා දෙන්න පොරොන්දු වුණා.” විදේශකටයුතු අමාත්‍යංශය.

0
29

“එහෙම පොරොන්දුවක් අපි දුන් නෑ.”
ලෝක බැංකුව.

ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක් ලබා දීමට ලෝක බැංකුව පොරොන්දු වී ඇති බව, විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබුණි.

පසුගිය සිකුරාදා දිනයේ දී ලෝක බැංකුවේ මෙරට නියෝජිතවරිය හමු වූ අවස්ථාවේ දී විදේශකටයුතු අමාත්‍යවරයා වන මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ලංකාවට උදව් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබුණු බවත් ඊට ප්‍රතිචාර ලෙස, මෙසේ ඩොලර් මිලියන 700 ක් ලබා දීමට ලෝක බැංකුව පොරොන්දු වී ඇති බව පැවසුණි.

කෙසේ වෙතත්, විදේශ කටයුතු අමාත්‍යංශය උපුටා දක්වමින් මෙරට මාධ්‍ය වාර්තා කර තිබුණු, ඩොලර් මිලියන 700 ක් ලබා දීමට ලෝක බැංකුව පොරොන්දු වී ඇති බවට වූ ප්‍රවෘත්තිය ලෝක බැංකුව ප්‍රතික්ෂේප කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 8 =