ලෝක වෙළදපොලේ තෙල්මිල පහත වැටුණත්
අපේ තෙල් මිල මෙවර වෙනස් නොවේ.
මේ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබුණද මේ මාසයේ දෙවන කාර්තුව සදහා ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට තීරණය කර තිබේ.
අද උදෑසන වන විට ලෝක වෙළදපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැලරයක මිල ඇමරිකානු ඩොලර් 93.91 ක් වූ අතර ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැලරයක මිල ඇමරිකානු ඩොලර් 88.52 ක් විය.
ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම පළමුවැනිදා සහ පහළොස්වැනිදා ලෝක වෙළදපොලේ මිල ගණන් සසදා බලා මෙරට ඉන්ධන මිල උච්චාවචනය කළ යුතුය.